කඳුකරය.....

කඳුකරය.....

Friday, January 22, 2010

ආරම්භය..................


මගේ මිත්‍රයින් රැසක් තමන්ගේ අදහස් දැක්වීම උදෙසා මන්ගේ බ්ලොගයන් පවත්වාගෙන යන බව දුටිමි. මේ හේතුවෙන් මටද මගේම බ්ලොගයක් පවත්වාගෙන යෑමට සිත්වුණි. ආරම්භය ලෙස කිනම්වූ කරුණක් ප්‍රකාශ කරන්නේදැයි මට හිතා ගැනීමට අපහසුය.
මේ දිනවල ලංකාවේ දේශපාලන තත්වය තරමක් උණුසුම්ය. ජනාධිපති අපේක්ෂකයන් එකිනෙකා පරයමින් යම්යම් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් අපගේ ඡන්දය ඩැහැගැනීමේ දැවැන්ත උත්සාහයක නිරනවී සිටී. ඇතැම් අපේක්ෂකයන් ප්‍රසිද්ධියේ තවකෙකුට කඩේයයි. ඇතැම් අපේක්ෂකයන් ප්‍රසිද්ධියේ තවකෙකුට මඩ ප්‍රහාර එල්ල කරයි. එමෙන්ම ඡන්ද දායකයන්ට විවිධ ආකාරයේ පොරොන්දු ලබා දෙයි. මේ අතරතුර යම්යම් අපේක්ෂකයන් හට විවිධ ආකාරයේ උදවු උපකාර කිරීම මගින් තමාගේ අතමිට සරු කරගන්නා පිරිස්ද සිටිති. එමෙන්ම මිනිසුන්ට අමතකව තිබූ යෙදුමක් නැවතත් මතකයට නැගුණි. "මැතිවරණ නීති උල්ලංඝණය" යටතේ වන විවිධ ක්‍රියා කරළියට පැමිණ තිබේ. මේ අනුව කඩු කිණිසි මෙන්ම කලක් සැඟවීතිබූ අත්බෝම්බ ද සැඟවී සිටි ස්ථානයන්ගෙන් එළියට පැමිණ ඇත.
ඔය යනාදී වශයෙන් වන සියළු ක‍ටයුතු යම්යම් පිරිස් විසින් සිදු කරනුයේ කුමක් සඳහාද? සැබෑ ලෙසම ජනතා සේවයක් සිදු කිරීම උදෙසාද? ජනාධිපති ධූරය සැබැවින්ම ස්වෙච්ඡා සේවයක් බවට පත් වුවහොත් මින් කුමන පිරිසක් ඉතිරි වේද? මදක් සිතා බලන්න. මෙතෙක් කල් ජනාධිපති ධූර සඳහා තේරී පත්වූ පිරිස් විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කළේනම් ලංකාව දැනටමන් සුන්දරත්වයෙන් පිරුණු සෞභාග්‍යමත් සංවර්ධිත රටක් බවට පත්වී බොහෝ කල් ගතවී ගොසිනි.
මේ අතර දැනට පවතින ආණ්ඩුව යටතේ ලංකාවේ ප්‍රධානතම දැවෙන ගැටළුවට එනම් 30 වසරක් අප හදවත් හැඬවූ කුරිරු යුද්ධය අවසන් කොට ඇත. මෙය ඔවුන් මෙන්ම බොහෝ රජයන් විසින් ලබාදුන් පොරොන්දුවක් වූ අතරම එය සැබැවින්ම මෙම රජය යටතේම පමණක් ඉටුවූ පොරොන්දුවකි. එහි වැඩි වගකීම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කුමණ අපේක්ෂකයාට ලබා දෙන්නේද, යන්න තීරණය ඔබ සතුය. නමුත් දැනට පවතින ආණ්ඩුව යටතේ සිදුකෙරුණු ගුවන් පාළම්, වැව් වාරිමාර්ග, ගුවන් තොටුපළවල්, වරාය යනාදී විවිධ සංවර්ධන ක්‍රියාවලි හේතුවෙන් ලංකාවේ ආර්ථකයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවූ බව කිසිවෙකුට නොපිළිගත නොහැකිය. මේවායේදී සිදුවූබව කියන දූශණ අක්‍රමිකතා පළිබඳ යම්යම් සාක්ෂි ඇත්නම් එම සාක්ෂි අතැති පිරිස් අදාල පුද්ගලයන් නීතිය ඉදිරියට කැඳවා නිසි දඬුවම් ලබාදීමට කටයුතු නොකරන්නේ මන්ද? ඔවුන්ගේ නොහැකියාවද එසේත් නොමැති නම් වුවමනාවක් නැති කමද? තීරණය ඔබ සතුය.
ලබාදීමට බලාපො‍රොත්තුවන දේ දෙස බලා ඔබගේ කතිරය ගසනවාද, නැතිනම් ලබාදුන් දේ දෙස බලා ඔබගේ කතිරය ගසනවාද, යන්න තීරණය කළ යුතුව ඇත. අවසාන වශයෙන් මෑත කාලීනව ලංකාවේ සිදුවූ විපර්යාසයන් හේතුවෙන් ලංකාවට දැනට ලෝකයේ පවතින ස්ථානය දැනගැනීමට පහත දැක්වෙන සබැඳිය(link) භාවිතා කළ හැක. ස්තූතියි............

http://www.nytimes.com/2010/01/10/travel/10places.html

3 comments:

  1. ආ එල එල! ජයවේවා! දිගටම ලියන්න.
    වැඩි පාඨක ජනතාවක් වෙත සමීප වෙන්න මේක "සිංහල බ්ලොග් කියවනය"ට ත් ඇතුලත් කරන්න.
    මෙන්න යොමුව: http://blogs.sinhalabloggers.com/add-blog

    ReplyDelete
  2. ෂාහ්! චින්තකත් එහෙනම් සාඩම්බර සිංහල ‍බ්ලොග් කරුවෙක් වුනා... සුභපැතුම්!.. දිගටම ලියන්න..

    ReplyDelete
  3. ඔව් ඔව් මම දිගටම ලියන්ඩ තමයි ඉන්නේ..... විභාගය ඉවර වෙලා තව එකක් ලියනවා...........

    ReplyDelete